එළඹෙන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේදී හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.
මේ සඳහා විපක්ෂය නියෝජනය කරමින් කථානායක ධුරය සඳහා නමක් යෝජනා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරනවා.
ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂය විසින් රටේ ජනතාව නොමඟ යවා ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල කථානායක ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් විය යුතු බවයි.
මේ අතර කථානායක ධූරය සඳහා මේ වනවිටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණාරච්චි යන අයගේ නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
