ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසනවා.
1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි හා පුහුණු ගුරුවරුන් 14 දෙනකුගේ සේවය මෙසේ අවසන් කොට තිබේ.
මෙසේ සේවය අවසන් කරන ලද ගුරුවරුන් වසර අටත් වසර විසිපහත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කොට තිබුණි.
ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මොවුන් ගුරුවරුන් ලෙස සේවයට බැදෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ,අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරැ වු බවයි.
ඇතැම් උපාධිධාරීන් ගුරුපත්විම් ලබාගැනිම සදහා විදේශ රටවල විශ්ව විද්‍යාල වලින් පවා අධ්‍යාපනය හැදැරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බවයි වාර්තා වන්නේ.
මෙම ගුරුවරුන්ගේ අධ්‍යාපන සහතික හා අනෙකුත් ලේඛණ පරික්ෂා කිරිම සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කමිටුවක් පත්කොට තිබූ අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
