Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාලුකම වැඩි කරගන්න ඉන්දු – ලංකා ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

2 years ago

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපති දෞපදි මුර්මු මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ (16) පස්වරුවේ එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ඉන්දු – ලංකා දිගු කාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබේ.

සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.