Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජනතාව⁣ට විශේෂ දැනුම්දීමක්! මෙවැනි මැසේජ් එකක් ආවොත් සැලකිලිමත් වන්න!

2 years ago

“ජනාධිපති ප්‍රදානය” යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

“ජනාධිපති ප්‍රදානය” යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණයවන බවත් වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස දන්වමින් එම ප්‍රවෘත්තිය සමග ව්‍යාජ සම්බන්ධතාවක්ද (Link) එහි සඳහන් කර ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම ප්‍රවෘත්තිය සම්පුණර්යෙන්ම අසත්‍යයක් බවත්, රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී මහජනතාව හා ජනමාධ්‍ය චෙත එම තීරණය දැනුම්දීමට කටයුතු කිරීම රජයේ ක්‍රමවේදය බවත් පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

එවැනි පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ රජය විසින් නිවේදනය නොකළ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා තීරණ සම්බන්ධ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තීන් ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් පදනමකින් තොර අසත්‍ය ප්‍රවෘත්තීන් පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින මෙන් මහජනතාවට දැනුම්දෙන බවද සදහන් කරයි.