Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! තුනක් මරුට!

2 years ago

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් මෙම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට තිබෙනවා.

තුවාල ලැබූ සියලු දෙනාම කඩිනමින් දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.