Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ගේ ටියුෂන්වලට සීමා පනවමින් නව චක්‍රලේඛයක්

2 years ago

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

එසේම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවද එහි සදහන්.

මීට අදාළව මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් වල අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මීට පෙර චක්‍රලේඛ නිකුත් කර තිබුණා.