ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
80 වැනි වියෙහි පසු වූ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි පවුලේ ආරංචි මාර්ග පැවසුවේ.
චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස “හරියන කොට ඔහොම තමයි” චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට පිවිසෙන ඔහු, “සෙලීනගේ වලව්ව”, “මල් කැකුළු”, “සිකුරු දසාව” සහ “ඈතිත් ඈතට” වැනි චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් දායක වී තිබෙනවා.
