නත්තල යනු වාද භේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බව ඔහු සිය නත්ත්ගල් දින පණිවිඩය මගින් පෙන්වා දී තිබෙනවා.
වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය සහ ජාතික පුනරුදය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බව එම පණිවිඩයේ සඳහන්.
එමෙන්ම දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ.
මේ අතර සිය නත්තල් දින ප්පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ නත්තලේ සැබෑ යථාර්ථය වන සාමූහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදාවූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විත කරගත යුතු බවයි.
මෙම සමයේදී අනෝන්‍යය සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ ඉවසීම වර්ධනය කර ගැනීම මෙන්ම එකමුතුකමේ සහ අවබෝධය ඇති කර ගැනීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිඩුඩයෙන් පෙන්වාදී ඇත්තේ සියලු ජාතීන්, ආගම්, පක්ෂ, බාල, තරුණ සහ වැඩිහිටියන් වෙනසකින් තොරව සමරන නත්තලේ නිවැරදි අරුත වටහාගෙන රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බවය.
මේ මොහොතේ රට පවතින බංකොලොත් තත්ත්වයෙන් මිදීමට නම් ජාතී, ආගම්, පන්ති, පක්ෂ භේදයෙන් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් මෙන්ම ප්‍රේමයෙන් කටයුතු කළ යතු බව විපක්ෂ නායක සිය නත්තල දින පණිඩුඩයෙන් පෙන්වා දෙයි.
