Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් සේවය ගැන ඇමති ගත් තීරණය

2 years ago

දේශපාලන හෝ පුද්ගල වුවමනා මත නව තැපැල් කාර්යාල ස්ථාපිත ‌කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමු වූ අවස්ථාවේදීයි.

ඔහු ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැළසුම් නිරීක්ෂණයට ද එක් වූ බවයි, එම අමාත්‍යංශය නිවේදනය කළේ.

වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ, නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුලින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම සිය දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සදහා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින්.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව දැනට සිදු කරනු ලබන සේවාවන්, ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකා තැපෑල මුහුණ දෙන වර්තමාන අභියෝග, ගැටළු සහ සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා සොයා බලනු ලැබුවා.

එමෙන්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ග පිළිබදව ද අමාත්‍යවරයා ගැඹුරින්  කරුණු සොයා බැලූ බව සඳහන්.