Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12කට අත්හිටුවයි ?

2 years ago

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.

එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 

මේ අතර ඊයේ (26) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ සිදු කළ රථවාහන මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 395 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

එම පැය 24ක කාලය තුළ අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරුන් 50 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 120 දෙනෙකු මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,262 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 682ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,441ක් වශයෙන් සමස්ත රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,950ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වනපරිදි විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් 20වනදා සිටය.

මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරනු ඇත.