Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැය 24 ක් තුළ රථ වාහන වැරදි සිදුකල රියදුරන් 8,000කට වැඩ වරදී

2 years ago

දිවයිනම ආවරණ වන පරිදි ක්‍රියාත්මක විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ ඊයේ පෙරවරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා වූ කාලය තුළ එම රියදුරන් නීතියේ රැහැනට හසුකර ගත් බවයි. 

බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 690 ක්, බීමත් රියදුරන් 383 ක්, වෙනත් රථ වාහන වැරදි සම්බන්ධ රියදුරන් 690 ක් ඒ අතරට අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 

උත්සව සමයේ රථ වාහන අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පසුගිය 23 වනදා ආරම්භ කළ එම විශේෂ රථ වාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.