දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාණ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ වනවිටත් පුද්ගලයින් 177 දෙනෙකු අනතුරින් මියගොස් ඇති බව තහවුරු කර ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණි.
යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බව සඳහන්.
ඒ සඳහා 1,500කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ජේජු ගුවන්සේවයට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව තිබුණි.
අයහපත් කාලගුණ තත්ත්වය හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදුවිය.
යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ.
