නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.
මෙරට යුද හමුදාවේ 24 වන හමුදාපතිවරයා ලෙස 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට වැඩ භාර ගනු ලැබූ වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 38 වසරක හමුදා සේවයෙන් අනතුරුව විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු මේ වන විට සිය දෙවන සේවා දිගුව ගත රමින් සිටියි.
ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.
