Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පඩි වැඩි කරගන්න ගුරුවරුන් සටනට

2 years ago

පොරොන්දු වූ පරිදි මෙවර අයවැයෙන් රජයේ වැටුප් වැඩි නොකළහොත් වෘත්තීය සමිතිවලට යළි සංවිධානයවීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පවසනවා.

ඔහු මේ බව පවසා තිබුණේ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ වැටුප් වැඩිකිරීම අයවැයෙන් සිදු කළද එය ලබන ජනවාරි මාසයේ සිට ලබාදිය යුතුයි.

තවද පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහස බැගින් බවත්, ඒ නිසා එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කර තිබේ.