රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවය.
බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණිවල බොහෝමයක් බඳවා ගැනීම් සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවයට වඩා දේශපාලන උවමනාවට බවය.
රජයේ සේවයට ඇතුළත්ව සිටින සේවකයින් බහුතරයක් තම රැකියාව මත සිය ජීවිත සැලසුම් කරගෙන ඇති බැවින් ඔවුන්ගේ ජීවිත අඩාල කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
රාජ්‍ය සේවක කප්පාදුව වෙනුවට රාජ්‍ය සේවය කළමනාකරණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.
