Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංගක්කාර, මහේල සහ අරවින්ද ජනපති සමඟින් අත්වැල් බැඳ ගනී

2 years ago

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (1) පෙරවරුවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ාරවින්ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන පිරිස් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කුමාර සංගක්කාර මහතා,

“ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් අද මේ දියත් කරන්න ගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා සිටියේ. ඉතාමත් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මෙවැනි ක්‍රියාවලියක් දියත් කිරීම. සරළ විදියට අර්ථකථනය කළාට ඉතාමත් ගැඹුරු අදහසක් එක්ක තමයි මේ ක්‍රියාවලිය දියත්කරලා තියෙන්නේ”.

මෙහිදී අදහස් දැක් වූ මහේල ජයවර්ධන මහතා,

“මම හිතන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යක් අලුත් අවුරුද්දේ. ජනාධිපතිතුමත් අනෙක් හැමෝගෙම සහයෝගයත් එක්ක අපට පුරවැසියන් විදිහට ලොක වගකීමක් තියෙනවා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියෙනවා ඉදිරියට”.