Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති මනූෂගේ සහෝදරයාගේ බැංකු ගිණුම්වලට ලක්ෂ 2700ක් බැර වෙලා! පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

2 years ago

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ, තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් විටෙන් විට ඔහුගේ ගිණුම් වලට බැරවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් හෙළිකරගෙන ඇති තොරතුරු වලට අනුව අවස්ථා 28කදී මෙම මුදල් බැරවී තිබෙනවා.

මෙලෙස එම ගිණුමට මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය යැකි බවත් එසේ මෙම සැකකරුට මුදල් දී වංචාවන්ට හසු වී සිටින අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.