Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොවිඩ් – 19 වයිරසයෙන් වසර පහකට පසු චීනයෙන් තවත් වෛරසයක් හමුවෙයි! රෝගීන්ගෙන් රෝහල් පිරී යයි!

2 years ago

කොවිඩ් -19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ Human metapneumovirus හේවත් (HMPV) ලෙසයි.

මෙම වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වන අතර, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවත් වාර්තා වනවා.

HMPV වෛරසය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන අතර එය Covid-19 ට සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව වාර්තා වනවා.

වෛරස තත්ත්වය චීනය තුළ  ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.