Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවේ කර්මාන්ත ශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි

2 years ago

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය ඊයේ (02) කඩා වැටී ඇති අතර කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනාගෙන් 8 දෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඉතිරි 10 දෙනා රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

මියගිය පුද්ගලයන් කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.