Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු මිලට ඉහළ ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් වෙළඳපොළට ?

2 years ago

කමන්ත සහ ව්‍යවසායකත්ව සංවධර්න අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (03) ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කමඨාන්තශාලා නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම කමථාන්තශාලාවල මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවධර්නය කිරීමටත්, දැනට ලංකාව තුල සිදුවන නීතිවිරෝධී මත්පැන් භාවිතයට අවම කිරීමට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් නිෂ්පාදනය කළ හැකි මිල අඩු ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය හා අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බලා ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සීනි නිෂ්පාදනය බෙද හැරීම සදහා ක්‍රමවත් බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්‍ය දශර්ක සකස් කිරීමටත්, ලංකා සිනී සමාගමේ කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති සේවකයන්ගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසඳා දීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා අවමකිරීම සඳහා ඇල මාගර් ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාගර් අමාත්‍යංශය හා එක්ව කඩිනම් පියවර ගැනීම පිළිබඳවත් මෙහි දී අවධානය යොමු කර තිබෙනවා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වැවිලි කමර්කාන්ත නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවධර්න, පාලරීමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, පාලරීමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක යන අය එක්ව සිටියා.