ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපන් ජාතික කාන්තාවක් වයස අවුරුදු 116 පසු කරමින් සිටියදී ජීවිතයට සමු දී තිබේ.
නමින් ටොමිකෝ ඉටූකා යන මැය Hyogo ප්‍රාන්තයේ අෂියා නගරයේ වැඩිහිටි නිවාසයක සිටියදී මිය ගිය බව නිලධාරීහු පවසති.
ඇය අවුරුදු 116 ට ලඟා වු ඉතිහාසයේ 30 වන පුද්ගලයා වීම ද විශේෂත්වයක්.
මීට පෙර ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ මාරියා බ්‍රැන්යාස් මොරේරා 2024 අගෝස්තු මාසයේ දී මිය ගිය අතර මිය යන විට ඇයගේ වයස අවුරුදු 117 ක්.
ඉටුකා මහත්මිය ඇයගේ දිගු ජීවිතය තුළින් අපට ධෛර්යය සහ බලාපොරොත්තුවන් ලබා දුන් බව” අෂියා හි නගරාධිපති රියෝසුකේ ටකාෂිමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
