පසුගිය දා මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවාත කළ මොහොතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශය හිතා මතා ම රුහුණු මහා කතරගම දේවාලයට අපහාස කිරීම අරමුණු කරගෙන කළ ප්‍රකාශයක් යැයි තමා විශ්වාස නොකරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා පැවසී ය.
ඔහු මෙ බව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ මින් ඉදිරියට රජය විසින් කරනු ලබන කටයුතු නිසි පිළිවෙළකට කළ යුතුය යන්න බවත්, එය නිවැරැදිව වටහා නොගත් ඇතැම් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙය දේවාලයට සහ එහි බස්නායක නිලමේවරයාට කළ අපහාසයක් ලෙස ප්‍රචාරය කරන බවයි බස්නායක නිලමේවරයා පවසා සිටියේ.
තමන් දේශපාලන චරිතයක් නොවන බවත්, රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපති හෝ දෙවන පුරවැසියා වන අගමැති කුමන පක්ෂයකට අයත් ද යන්න තමා නොසලකන බවත්, කතරගම පුජා භුමියට පැමිණෙන ඕනෑම රාජ්‍ය නායකයකුට හෝ නායිකාවකට තමා නිසි ගෞරවය ලබා දි, නිසි සත්කාර කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
