නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.
ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම භූ කම්පනය ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
භූ කම්පනයෙන් සිදු වූ දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.
