Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2026 වසරට නියමිත සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන කාල වකවානු පිළිබඳව දැනුම්දීමක්

2 years ago

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා .

පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අගමැතිවරිය මේ බව කියා සිටියේ .

ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි අතර කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදු කිරීමට හැකි බව අගමැතිවරිය ප්‍රකාශ කර සිටියා