චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව මෙරට සෞඛ්‍ය අංශ පවසනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ (08) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජේෂ්ඨ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පැවසුවේ 2023 වසරේ දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරට තුල ද HMPV වෛරස ආසාදිතයින් හමුවී ඇති බවයි.
ඒ බව පරීක්ෂණවලින් හෙළිවු බවත් මෙම වසරේ HMPV වෛරසයට අදාළ පරීක්ෂණ තවමත් සිදු කර නොමැති බවත් ඇය සඳහන් කළා.
එමෙන්ම පසුගිය අවුරුද්දේ (2024) මහනුවර ප්‍රදේශයෙන් ද මෙම වෛරසය ආසාධිත පුද්ගලයින් හමු වී බවයි
චීනයේ HMPV වෛරසයට වඩා ස්වසන රෝග පද්ධතිය ආශ්රිත රෝගවල වැඩිපුර ආසාදනයන් ඉන්ෆලුවෙන්සා වෛරසය මඟින් තිබෙන බව මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කල දත්තවලින් පෙන්වාදෙන බව මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය පවසනවා.
