2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එය දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වැනිදායි සිදු කෙරෙන්නේ.
ඒ අනුව, දෙවනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
විසර්ජන පනත් කෙටුම්පත තුන්වනවර කියවීමේ ඡන්ද වීමසීම පැවැත්වෙන්නේ එළැඹෙන මාර්තු 21 වැනිදායි.
