Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු විභාග සඳහා අයදුම්පත් කැඳවයි

2 years ago

2022/23 ගුරු විද්‍යාල අවසාන විභාගය සහ 2024 උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨාමාලා විභාගය ලබන මැයි මස පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

ඒ සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (09) සිට ආරම්භ කෙරෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම කාලය ලබන 24 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

මාර්ගගතව පමණක් විභාග සඳහා අයදුම්පත් යොමු කළ යුතු වනවා.

එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.