Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘතිය පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ කටයුතු මේවන විට අවසන් කර තිබෙනවා.
Clean Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කර තිබුණා.
කෙසේවෙතත්, දිස්ත්‍රික් මට්ටමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් වැඩසටහන පිළිබඳ සෙසු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කළ යුතු බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කර අත්තේ එම කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බවයි.
