Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

විශ්‍රාම වැටුප් හිමියන්ට ලැබෙන සුබ ආරංචිය

2 years ago

එළඹෙන අයවැය මඟින් සිදුකරන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට සමගාමීව විශ්‍රාම වැටුප් ද ඉහළ නැංවීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ අතර 2020 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය යළි බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එළඹෙන අයවැය මඟින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවයි හෙතෙම සඳහන් කර සිටියේ.

ඒ, අනුව 2016 වසරේ ජනවාරි පළමු වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.