ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ජපානයේ මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත දෙකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
මෙම භූකම්පනය සිදුව ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 9:20ට පමණ බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.
භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ.
