පසුගිය ආණ්ඩු කාලවල දී මෙන් වර්තමානයේ දීද දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.
එකම පාසලේ දස වසරක සේවා කාලයක් සහිත ගුරුවරුන්ගේ ස්ථාන මාරු ලේඛන අනුව මේ වන විටත් පාසල් ප්‍රධානීන්ට දැනුම් දීම් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
නමුත් ඇතැම් ගුරුවරුන් තවදුරටත් එම පාසල්වලම රැඳී සිටීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුවලදී සිදු වූ ආකාරයට මෙවරද ස්ථාන මාරු අත්හිටුවීමට බලපෑම් කළ අවස්ථා වාර්තා වෙමින් පවතින බව ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
දස වසරක සේවා කාලයක් සහිත ගුරුවරු හාරදහස් පන්සියයත් පන් දහසත් අතර පිරිසක් ස්ථාන මාරු කිරීමට සුදුසු බවට ගුරු මාරු මණ්ඩලය නිර්දේශ කර තිබෙන නමුත් අනුප්රාප්තිකයන් නොමැති වීම මත මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ද ගැටලුවකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
