අම්පාර ප්‍රදේශයට ඇද හැළෙන වෂථාව හේතුවෙන් අම්පාර, කොටවෙහෙර ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුර විශාල ලෙස ඛාදනයකට ලක්ව තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා අනතුරු අඟවන්නේ, මෙම බැම්ම කඩාගෙන ගියහොත් විශාල ගොවි බිම් ප්‍රමාණයක් හා ගම්මාන කිහිපයක්ම අවදානමකට ලක්විය හැකි බවටයි.
මතුව ඇති අවදානම් තත්ත්වය හමුවේ අවට ගම්වාසීන්ට අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇති අතර, වයෝවෘද්ධ, ආබාධිත හා අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන ලෙසට උපදෙස් දී තිබෙනවා.
මෙරට ප්‍රථම බහුකායර් යෝජනා ක්‍රමය ලෙස සැලකෙන ගල් ඔය ව්‍යාපාරය 1949 වසරේදී ආරම්භ කෙරුණේ එවක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.එස්. සේනානායකගේ සංකල්පයකට අනුවයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා,
“සේනානායකපුර ප්‍රදේශයෙන් ගල්ඔය ගඟේ ඉවුරු ඛාදනයවීමක් සිදුවෙලා තියෙනවා. එතන තාවකාලිකව වැලි කොට්ට ගහලා පිළිසකර කිරීමේ හැකියාවක් නැහැ. දැනට කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පමණයි තියෙන්නේ. කැඩිලා නැහැ. නමුත් ඒක කැඩුනොත්. අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනානායකපුර, සාමපුර කියන ග්‍රාම නිලධාරි වසම්වල සුදුවැල්ල ප්‍රදේශයේ ජීවත්වන පවුල් ගණනාවකට ගංවතුර තත්ත්වයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද සවස මේ ප්‍රදේශයේ පවුල් 40ක් පමණ කඳවුරක් ඇති කරලා එහි රඳවන්න කටයුතු කළා. එතන පුද්ගලයන් 110ක් විතර ඉන්නවා.”
