Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රතු හාල් හිඟයට හේතූ කියන වෙළඳ ඇමති

2 years ago

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පිළිබඳව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා

ඒ අනුව ඔහු පැවසුවේ පසුගිය රජයන් විසින් සිදුකළ ක්‍රියාවන් හේතුවෙන් මෙවර රතු සහල් හිඟයක් ඇති වූ බවයි.

“අද දවසේ තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා රතු සහල් හිඟයක් තියෙනවා කියලා අද සමාජයේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

වෙළෙඳපොළේ සහල් නැතිවීම පිළිබඳව ජනතාව මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. රතු සහල් මෙහෙම වෙන්නේ ඇයි කියන කාරණය මම කියන්න කැමතියි.

2024 හිටපු ආණ්ඩු කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරි වෙලා තියෙන්නේ.පහුගිය ජනාධිපතිවරණයට පෙර ඔබට මතක ඇති රතු සහල් කිලෝ 20ක් ලැබුණා රතු සහල් කන්නේ නැති මිනිස්සුන්ටත් ගිහින් රතු සහල් දුන්නහම සහල්වල හිඟයක් කල්පනා කරන්න තිබුණා. ඒ වෙලාවේ කිලෝ 20 ගානේ රතු සහල් අරන් ගිහින් දුන්නා රතු හාල් කන්නේ තැනි මිනිස්සුන්ටත් කන්න කියලා සුදු හාල් කන මිනිස්සුන්ට අවසානෙදි වුණේ රතු සහල්වල හිඟය එගොල්ලේ හැදෙව්වා.”