Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට යළි පණ දෙන්න ටැංකි තුළටම ගිය බලශක්ති ඇමති

2 years ago

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද(15) ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහිදී නිරීක්ෂණයට ලක්විය.

බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා මෙම තෙල් ටැංකි උපයෝගී කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙළට අනුකූල ව ඩොලර් ගෙන ඒමටත් ඒ සඳහා ලංකා IOC ආයතනය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක් ව කටයුතු කර බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ඒ සඳහා ම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිත ව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොඳ තත්ත්වයේ තිබෙන අතර අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කර නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතු වී සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරන බවයි.