හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා වූ ආයෝජනයකට අදාල ගිවිසුමකට, චීනයේ සයිනොපෙක් ආයතනය සහ ශ්‍රීලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද උදෑසන අත්සන් තබා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට, ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන පිරිසද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
