Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරියන්ගේ ඇඳුම් නිසා උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්! පොලිසියත් කැඳවලා!

2 years ago

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ.

ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.

විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.

මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය.

විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.

එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් එහිදී ද දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසටය.

මෙම තත්ත්වය මත හෙට (18) දක්වා මෙම මධ්‍යස්ථානයේ ඇගයීම් නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙතෙක් කලක් කිසිදු විභාග මධ්‍යස්ථානයක නොමැති නියමයන් පැනවීම විහිළු සහගත බව පවසන ගුරුවරු සැහැල්ලු ඇඳුමින් සැරසී ඇගයිම් කටයුතුවලට සහභාගි වීමට ඉඩ නොදෙන්නේ නම් එම කටයුතුවලින් ඉවත් වන බව ගුරුවරියෝ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරට ලිඛිතව දන්වා තිබේ.