Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව දුන් පොරොන්දුව

2 years ago

රජය සෑම අවස්ථාවකදී රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පොරොන්දු වෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සමාලෝචන සමුළුවට එක්වෙමින්.

ඒ හේතුවෙන් කිසිදු සැකයකින් තොරව පස් අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමේදී රජය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙසට ද චන්දන අබේරත්න මහතා ඉල්ලා සිටියා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සමාලෝචන සමුළු පවත්වනු ලබන්නේ, රජයේ ඉදිරි පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට ඇති ගැටළු හඳුනාගෙන කාර්යයන් ද්වීරණයකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විසඳුම්වලට එළැඹීම සඳහායි.

දිවයිනේ සියලු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඒ ඒ පළාත් තුළ මෙම සමුළු පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ වඩාත් ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහිකිරීම, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සහ තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කරගැනීම යන මූලික අරමුණු කරගෙනයි.