පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 23 වැනිදා ) නිකුත්කරන ලදි.
විභාගයට අයදුම් කළ සිසුන් 4616ක් විභාගයට පෙනී සිට නැත. අයදුම් කළ සංඛ්‍යාව 323900ක් වන අතර පෙනී සිට ඇත්තේ 319284කි. ලකුණු පිළිබඳව අභියාචනා කිරීමට අවශ්‍ය වන්නේ නම් මෙම මස 27 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා මාර්ගගතව අයදුම් කිරීමට හැකි බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රතිඵල www.doenets.lk www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි වන අතර යම් විමසීමක් කරන්නේ නම් 1911, 0112 784208, 0112 784537 යන දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
