Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 7,500ක වැටුප් වැඩිවීමක් ?

2 years ago

පෙබරවාරි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීම පිළිබඳ රජය සළකා බලමින් සිටින බව වාර්තා වේ.

e

වත්මන් මූල්‍ය තත්ත්වය අනුව මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමේ හැකියාවක් පවතින බව භාණ්ඩාගාර නිලධාරීන් ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස ගත් තීරණයක් මත ඊට වඩා ඉහළ වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිත බව සඳහන්.