ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.
ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා බීබීසී සිංහල සේවයට සඳහන් කර තිබුණේ එවැන්නක් සිදුව නොමැති බවත් පෞද්ගලික හේතුවක් මත සභාපතිවරයා ඉල්ලා අස්වී ඇති බවත් ය.
2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිව් වන වරට පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.
ඔහු විවිධ රජයන් යටතේ අවස්ථා තුනකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.
සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව විමසීමට දුරකතනය ඔස්සේ ඔහු ඇමැතීමට බීබිසි සිංහල සේවය ගත් උත්සහය ව්‍යාර්ථ වී තිබේ.
එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට ඔහු පිළිතුරු ලබා දී තිබේ.
ඊට පිළිතුරු ලබා දෙමින් අතිශය පෞද්ගලික කරුණක් ලෙස ඉල්ලා අස් වූ බව ඔහු එයට පිළිතුරු දෙමින් සඳහන් කර තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා, මාස තුනකට ආසන්න කාලයක් දැරූ රූපවාහිනී සභාපති ධූරයෙන් සෙනේෂ් දිසානායක බණ්ඩාර ඉල්ලා අස්විය.
