අධික තරඟකාරී විභාගයක් වන ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අවුරුදු 10ක් වයස කුඩා දරුවන්ට එල්ලවන මානසික පීඩනය සැලකියයුතු එකක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මෙය වෙනත් බොහෝ රටවල දක්නට නොලැබෙන සංසිද්ධියක් බවයි ඒ මහතා සඳහන් කළේ.
කුඩා දරුවන්ට අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව විභාගයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා විකල්ප ප්‍රවේශයක් සකස් කිරීම අවශ්‍ය බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි විකල්පයක් හඳුන්වාදෙනතුරු විභාගය දිගටම පවතිනු ඇති බවයි.
