Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔක්තෝම්බර් මාසයේදී සියලුම ජනතාවට සැමරීමට විශේෂ දිනයක්

2 years ago

ශ්‍රී ලංකාවේ සියලුම ජනවර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කර සිටියේ අද (31) වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

ජාතීන් උදෙසා වෙන් වෙන් වශයෙන් වූ උත්සව සංවිධානය කර තිබුණ ද ලාංකිකයින් වශයෙන් සියලු දෙනාටම එකතු වී සැමරිය හැකි උත්සවයක් නොමැති නිසා ජාතියේ මහා මංගල්‍යය ලෙසින් උත්සවයක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතීන් එකතු කරමින් මෙම උත්සවය සංවිධානය කරන බවද එහිදී අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?. අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ. උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා”.