රජයේ පවතින රැකියා පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊට අදාල ප්‍රතිපාදන ලබන අයවැයෙන් වෙන් කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඊයේ පැවති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිකිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.
