77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 01 වනදා සිට 07 වනදා දක්වා සතියක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එසවීමට සහ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමටයි රජය සැලසුම්කර ඇත්තේ.
ඊට අදාල උපදෙස් පත්‍රිකා මාලාවක් රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
