Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙබරවාරි 07 වෙනිදා සිට රාජ්‍ය ආයතන සියල්ලෙහි ලොකු පෙරළියක්

2 years ago

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එම සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමගින් අපේක්ෂා කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේය.