ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රට පුරා ප්‍රදේශ රැසකින් මේ වනවිට එම රෝගීන් වාර්තා වන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ආසාදිත ඊඩිස් ප්‍රභේදයේ මදුරුවන් දෂ්ට කිරීම හරහා චිකුන්ගුන්යා රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බවයි.
වෛද්‍යවරයා පවසන්නේ රෝගය වැළඳී දින දෙක තුනකට පසුව අධික උණ, තද හන්දිපත් වේදනාව, සමේ කැක්කුම, මාංශපේශී වේදනාව ඇතුළු රෝග ලක්‍ෂණ මතුවන බවයි.
එමෙන්ම උණ සමග හටගන්නා හන්දිපත් වේදනාව දිගුකල් පවතිනු ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළා.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ චිකුන්ගුන්යා රෝගයට නිසි ප්‍රතිකාරයක් නොමැති බවයි.
මේ අතර වැසි සමයේදී මදුරු ගහණය ඉහළ යන අතර, මදුරුවන් බෝවීම අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
