Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

1 වසරට සිසුන් දාන්න සල්ලිගත් විදුහල්පතිලාගේ ලැයිස්තුවක්! නීතිමය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි!

2 years ago

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට මුදල් හා වෙනත් ද්‍රව්‍ය ලබාගත් විදුහල්පතිවරුන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරනවා.

දිවයින පුරා සියලු පාසල්වලට පසුගිය 30 වන දා සිසුන් ඇතුළත් කරගැනීම සිදුවූ අතර ඊට සතියක පමණ කාලයක සිට විදුහල්පතිවරුන්ගේ තොරතුරු ලබාගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මුදල් හා විවිධ ද්‍රව්‍ය ලබා ගන්නා විදුහල්පතිවරුන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල ලේකම්වරුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇත.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පසුගිය සතිය තුළ මුදල් අයකළ විදුහල්පතිවරුන් පිළිබඳව මව්පියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම්වරු සඳහන් කරති.

මුදල් එකතු කිරීම වහාම නතර කරන ලෙසට අදාළ විදුහල්පතිවරුන්ට අවවාද කොට තිබේ.

රජයේ සියලු ම පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී සෘජුව හෝ වක්‍රව ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ. වේලාරත්න මහතා කීවේය.

එසේ ම, සිසුන් ඇතුළත් කිරීමට පෙර හෝ පසුව පාසල් ප්‍රධානීන් හෝ පාසලට සංගම් හෝ සමිති එවැනි බලපෑමක් සිදුකිරීමද නීතී විරෝධී බව ත් මුදල් එකතුකරන විදුහල්පතිවරුන් සියලු දෙනාට විරුද්ධව නීතීමය හා ආයතනික ක්‍රියාමාර්ග ගන්නා බව ත් ලේකම්වරයා පැවසීය.

(source – mawbima)