පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාලරීමේන්තුවේදී හෙළිදරව් කිරීමට කටයුතු කළා.
ස්වභාවික ආපදාවක් වුවද පූණර් දේපළ හානි සඳහා ලබා දිය හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 25ක් බවත්, එය ලබා ගැනීමට ද ඇතැම් අවස්ථාවන්හි අසීරු බවත්, අමාත්‍යවරයා පැවසුවා.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා,
“අපි ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා. වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. මෙන්න බලන්න ඒ දේපළ හානිය පාවිච්චි කරලා බලය අතේ තියෙන අය. හැන්ද අතේ තියෙන අය කොහොමද මේ වන්දි අරගෙන තියෙන්නේ කියලා මම නමින් නම කියවන්නම්.
කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි
පහුගිය අරගල සමයේ තමන්ගේ දේපළවලට හානි සිදු වුණා කියලා රජයෙන් ගත්ත වන්දි. මේ හතළිස් තුන්දෙනා විතරක් අරගෙන තියෙනවා, එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්.”
