Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්පෝට් නිකුත්කිරීම ගැන ඇසෙන අලුත්ම කතාව

2 years ago

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලුව මාස දෙකක් ඇතුළතසාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි.

මේ අතර පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.