Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍යය හා සෞන්දර්ය විෂයයන් විෂය නිර්දේශවලින් ඉවත් කරනවාද ?

2 years ago

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් කිසිසේත් සෞන්දර්ය විෂයයන් සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2026 සිට ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

එන සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව යන අයතනයන්හි නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ආකාරය සහ මේ වනවිට ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම විෂයමාලා ප්‍රතිශෝධනය සහ විෂය අන්තර්ගතය, අධ්‍යාපන හා පාසල්වල සිදුවිය යුතු යටිතල පහසුකම් සංවර්ධනය, ගුරු පුහුණුව සහ ආකල්ප සංවර්ධනය, අධ්‍යාපන, ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෘත්තීය සංවර්ධනය, ඇගයීම් ක්‍රමවේද ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර පූර්ව ළමාවිය 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිලිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිළි කර තිබෙනවා.

“Transform education, transform Sri Lanka” තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.